භාවනා

බුදුගුණ භාවනාව


භාවනාවන් අතරින් උසස්තම භාවනාව වනුයේ බුදුගුණ භාවනාවයි. බුද්ධානුස්සති භාවනාව කරන්නාගේ සන්තානයේ නිතර උපදින බුදුගුණ පිළිබද සිත්වලට වාසස්ථානයක් විමෙන් චෛත්යක් බදු වෙ. එයින් පුද්ගලයා මෙළොව වාසනාවන්ත පුද්ගලයෙක් වෙයි. මෙම භාවනාව වඩන්නා පැවිද්දෙක් නමි පැවිද්දෙකු විසින් තම ජිවිතයේ පැමිණිය හැකි උසස්තම තැනටත් ගිහියෙකු නමි ගිහියෙකු වශයෙන් මෙම ජිවිතයේ ඔහුට පැමිණිය හැකි උසස්තම දියුණුවටත් ඔහු විසින් පැමිණෙනු ඇත. මෙම භාවනාව බුදුන් වහන්සේ සමගම සිටිමක් වැනිය එබැවින් ඔහුගේ සිත පවට නොනැමෙ. හදිසියේ මරණය සිදුවෙ නමි එහිදි ඔහුට බුදුගුණ සිහිවෙ. එහෙයින් හේ ස්වර්ගයට පැමිනෙන්නේය.

බුදුගුණ සිහිකොට බුදුන්වහන්සේ කෙරේ එක් වරක් සිත පහදවාගැනිමම මරණින්මතු දෙවිලොව ඉපදිමට හේතු වන පිනකි. "මටිටකුණ්ඩලි" ආදි බොහෝ දෙනෙකු බුදුන්වහන්සේ කෙරෙහි සිත පහදවා ගෙන, දෙවිලොව පැමිණි බව දක්වා තිබෙ. යමෙක් භාවනා කිරිමි වශයෙන් නැවත නැවත බුදුගුණ මෙනෙහි කෙරෙයි නමි එයින් රැස්වන පුන් සමිභාරය මෙතැකැයි ප්රමාණකල නොහැකි වන්නේය. එබැවින් සසර දුකින් මිදෙනු කැමැත්තෝ මෙ භාවනාව ආදරයෙන් කෙරෙත්වා.


බුදුගුණ භාවනාව කෙටියෙන් වඩන්නේ මෙසේය. පුර්ව කෘත් කිරිම සදහා මෙම භාවනා වාක් යොදාගත හැක. පළමුව විස්තර වශයෙන් බුදුගුණ භාවනාව වඩා පසුව ලඝු ක්රමයට පුරැදුවිමයි සුදුසුම ක්රමය.

සෝ  භගවා ඉතිපි - අරහං,
සෝ  භගවා ඉතිපි - සම්මාසම්බුද්ධෝ,
සෝ  භගවා ඉතිපි - විජ්ජාචරණසම්පන්නෝ,
සෝ  භගවා ඉතිපි - සුගතෝ,
සෝ  භගවා ඉතිපි- ලෝකවිදු,
සෝ  භගවා ඉතිපි - අනුත්තරෝ පුරිසදම්මසාරථී,
සෝ  භගවා ඉතිපි - සත්ථා දේවමනුස්සානං,
සෝ  භගවා ඉතිපි - බුද්ධෝ,
සෝ  භගවා ඉතිපි - භගවා.


මෙහි අරැත වන්නේ භාග්යවත් බුදුරජානන්වහන්සේ (අරහං,සමිමා සමිබුද්ධ,විජ්ජාචරණසමිපන්න....) නමි වන සේක. යන්නයි.


භාවනා වාක් විස්තර වශයෙන් භාවනාව සදහා.
  • භාග්යවත් බුදුරජාණන් වහන්සේ සියලූ කෙලෙසුන් කෙරෙන් දුරු වූ හෙයින් , සියලූ කෙලෙස් සතුරන් නැසූ හෙයින් , සංසාර චකරයේ අර සිඳලූ හෙයින් , සියලූ ආමිස-රතිපත්ති පූජාවන් ලැබීමට සුදුසු හෙයින් ,රහසින්වත් පව් නො කළ හෙයින් , අරහං නම් වන සේක.

  • භාග්යවත් බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ නැතිවම තමන් වහන්සේගේ විශිෂ්ට ඥනයෙන් දත යුතු සියලූ ධර්මයන් මනා කොට අවබෝධ කළ හෙයින් , පිරිසිඳ දත යුතු ධර්මයන් මනා කොට පිරිසිඳ අවබෝධ කළ හෙයින් , දුරු කළ යුතු ධර්මයන් මනා කොට දුරු කළ හෙයින් , සාක්ෂාත් කළ යුතු ධර්මයන් මනා කොට සාක්ෂාත් කළ හෙයින් ,වැඩිය යුතු ධර්මයන් මනා කොට වැඩූ හෙයින් ,සම්මාසම්බුද්ධ නම් වන සේක.


  • භාග්යවත් බුදුරජාණන් වහන්සේ රිවිද්යාවන්ගෙන් සමන්විත හෙයින් , අෂ්ට විද්යාවන්ගෙන් සමන්විත හෙයින් , පසළොස් චරණ ධර්මයන්ගෙන් සමන්විත හෙයින් ,විජ්ජාචරණසම්පන්න නම් වන සේක.


  • භාග්යවත් බුදුරජාණන් වහන්සේ සුන්දර වචන ඇති හෙයින් , ශෝභන රූප-කාය ඇති හෙයින් , ශෝභන ගමන් ඇති හෙයින් , සුන්දර වූ අමා නිවන් පුරයට වැඩි හෙයින් , සුගත නම් වන සේක.


  • භාග්යවත් බුදුරජාණන් වහන්සේ සියලූ සත්ත් ලෝකයන් පිළිබඳ එම ලෝකවල ස්වභාව- සමුදයනිරෝධ- මාර්ග සත්යයන් අවබෝධ කළ හෙයින් , සියලූ අවකාශ ලෝකයන් පිළිබඳ එම ලෝකවල ස්වභාව - සමුදය - නිරෝධ - මාර්ග සත්යයන් අවබෝධ කළ හෙයින් , සියලූ සංස්කාර ලෝකයන් පිළිබඳ එම ලෝකවල ස්වභාව - සමුදය - නිරෝධ - මාර්ග සත්යයන් අවබෝධ කළ හෙයින් , ලෝකවිදු නම් වන සේක.


  • භාග්යවත් බුදුරජාණන් වහන්සේ වෙනත් කිසිදු කෙනෙකුට දමනය කළ නො හැකි චණ්ඩ නපුරු තිරිසන් සතුන් දමනය කළ හෙයින් ,මනුෂ් පුරුෂයන් දමනය කළ හෙයින් ,අමනුෂ් පුරුෂයන් දමනය කළ හෙයින් , අනුත්තරෝ පුරිසදම්මසාරථි නම් වන සේක.


  • භාග්යවත් බුදුරජාණන් වහන්සේ සියලූ දෙව්මිනිසුන්ට මෙලොව අර්ථයෙන් අනුශාසනා කළ හෙයින් , සියලූ දෙව්මිනිසුන්ට පරලොව අර්ථයෙන් අනුශාසනා කළ හෙයින් ,සියලූ දෙව්මිනිසුන්ට පරමාර්ථ වශයෙන් (නිවන් අවබෝධ කරනු පිණිස අර්ථයෙන් අනුශාසනා කළ හෙයින් , සත්ථා දේවමනුස්සානං නම් වන සේක.


  • භාග්යවත් බුදුරජාණන් වහන්සේ දුක් සත්යය අවබෝධ කළ හෙයින් ,දුක්ඛසමුදය සත්යය අවබෝධ කළ හෙයින් , දුක්ඛනිරෝධ සත්යය අවබෝධ කළ හෙයින් ,දුක්ඛනිරෝධගාමිනීපටිපදා ආර්යසත්යය යන චතුරාර්යසත් ධර්මයන් තමන් වහන්සේගේ නුවණින් අවබෝධ කර ගත් හෙයින් , බුද්ධ නම් වන සේක.


  • භාග්යවත් බුදුරජාණන් වහන්සේ මහත් වූ යශසින් සමන්විත වූ හෙයින් , පුණ්යමහන්තතාවයෙන් සමන්විත වූ හෙයින් , ථාමමහන්තතාවයෙන් සමන්විත වූ හෙයින් , සෘද්ධිමහන්තතාවයෙන් සමන්විත වූ හෙයින් , රඥාමහන්තතාවයෙන් සමන්විත වූ හෙයින් , රාගය නැසූ හෙයින් , ද්වේෂය නැසූ හෙයින් , මෝහය නැසූ හෙයින් , භගවා නම් වන සේක.