Sunday, February 19, 2012

ලෝ වැඩ සඟරාව

අසල් ගෙයක සොරකම් ගිය දවසෙක
කුහුල් සිතින් ඉන්නේ තම ගේ රැක
සියල් සතුන් මරු ගෙන යනු දැක දැක
කුසල් නොකර ඉන්නේ ඇයි නොව සැක


"අසල් වැසි නිවසක හොරු විසින් වස්තුව සොරකම් කරන ලද දිනයක සැක සහිත සිතින් තම නිවස රැක සිටින නමුත් සියළු සත්වයින් මරුවා විසින් ගෙනයනු දැක දැකත් සැකයක් නැතිව කුසල් නොකර ඉන්නේ කුමක් නිසාද?"


ගග යන ඇත්කුණ ඉඳ මස් රසටා
සිදු මැද වැද වැනසුණු මෙන් කපුටා
ලද ඉසුරෙහි ලොබ කලහොත් තොපටා
බව සයුරෙන් ගමනෙක් නැත ගොඩටා


"මස් රසට ගිජුවුන කපුටෙකු ඩඟෙ පාවී යන ඇත්කුණමත හිඳ මස්රස විඳිමින්ම මහ සමුදුරට වැටී වැනසුනා මෙන් තමා විසින් ලබා ගත් සැප සම්පත් වලට ලෝභයෙන් වෙලී සිටියෙත් සංසාර සාගරයෙන් ගොඩට යා නොහැකිය."

පර සතුරන් එති එති යන බසටා
ඇර අඹු දරුවන් යන තොප වලටා
ගොර ජර මරු එනු දැක දැක වෙතටා
පර මාදව ඉන්නේ ඇයි පිනටා


"සතුරන් එන්නේය යන වචනයෙන් බිය වී අඹු දරුවන් පවා හැරදමා කැලයට පැන දුවන්නේ නමුත් නපුරු වූ ජරා මරණ දෙක තමා වෙතට එනු දැක දැකත් පින්කම් කිරීමට ප්රදමාද වන්නේ ඇයි."

ගග වතුරෙහි වන මිනිසකු දුකිනේ
ළග කළ ඔරුවට නොනැගෙන ලෙසිනේ
සග මොක් දෙන බණ අදහා නොගනේ
දුගතිය වැද තොප කිම දුක් විදිනේ



බලයෙන් වත් කිසියම් සොර සිතකින්
සියතින් වත් දැනුවූ උප දෙසකින්
පරසන් තක දෙය ගත සොරකමකින්
නිරයෙන් නිරයට පැමිණෙයි එතෙකින්


"බලහත්කාර කමින් හෝ යම් සොර සිතකින් තමන්ගේ අතින් හෝ තමා දෙන ලද උපදේශයකින් හෝ අනුන් සන්තක වස්තුව හොරෙන්ගතහොත් එමසොරකමේ විපාකයෙන් නිරයෙන් නිරයටම පත්වන්නේය."

ලොබිනා මිහිරිව සොරකම් කළ සත
විදිනා දුක් මේ ලොව මෙතෙකැයි නැත
මෙදිනා දැක දැක ඉන් නොනැ වත
ඉඳිනා කල කීකලෙක වේදෝ සෙත


"ලොභයෙන් මිහිරි ලෙස සිතා සොරකම් කල අය මෙලොවදී විඳිනා දුක් දැක දැකත් මේ කාලයේ සොරකම අත නොහැර සිටිය හොත් කවර නම් කාලයක යහපතක් වන්නේද?"



නැණ නැති අයෙක් පෙර පරදර බව් කැමතී
ගුගුරති ගැලෙති තිස්වා දහසින් උඩෙතී
හිමිනැති තවම ලොහොකුඹු නිරයේ පැසෙතී
නොකෙරෙති මෙපව් නුවණැති අය වැඩකැමතී


"පෙර පරදාර සේවනය නැවත කලා වූ පාපයෙහි යෙදුනු අයෙක් ලෝකුඹු නරකයෙහි වැටී එහිම ගිලෙති. වසර තිස් දහසකට වරක් උඩ එති සීමාවක් නැති දුක් තවම විඳිති. දෙලොව වැඩ කැමති නුවණ ඇත්තෝ මෙවැනි පාපක්රිසයා නොකරති."

ළැදිව රජෙක් බොරු බස් කී විගසකයා
නැතිව රිද්දි බලයෙන් මිනිස්කයා
පොළව පළාගෙන ගොස් වැටුණි නරකයා
මෙලොව සතුනි ඉන් බොරු කීම නරකයා
 


ලොවට උතුම් මුනි රජුගේ ගුණ විපුල
සිතට රැගෙන සිහි කළ නුවනින් නිමල
සතට නොවී කලෙකත් බව දුක් අසල
යසට එයින් සිදුවේ සිරි සුබ මගුල


"ලෝකයට අතුම් බුදුරජාණන් වහන්සේගේ මහත් වු ගුණයන් නිර්මල වු හොඳ නුවණින් සිහිපත් කරන තැනැත්තාට සසර දුක් ලං නොවන්නේය. හේතුවෙන් සැම ශ්රී සුභ මංගල්යදයක් වේවා."

නොදන්නවුන් හට පව් පින් නියම කොට
බඳ ලොවැඩ සඟරා පිනෙනි හැම විට
ලද සැපතින් තොර නොව ලැබ නිති පිහිට
වැද සව්සත සැනසේවා මොක් පුරයට


"අධර්මයෙන් ජීවත් වනවාට වඩා ධාර්මිෂ්ටව මිය යෑම සත්වයා හට යහපත් වන්නේය. මේ ආකාරයෙන් දේශනා කරන ලද්දා වු බුද්ධ ධර්මය මෙනෙහි කොට ඇත්ත වශයෙන්ම පින් රැස්කර නිර්වාණයට පැමිණෙන්න."

වීදාගම වෙහෙරෙහි මෙත් තෙරිදු සද
සාදාරණව පැවසූ මෙත් සිතින් නද
බාදා නොවී මොක් දැකුමට බැඳි මෙපද
පාදා සතන් සිත පවතීවා නිබද


"වීදාගම මහවිහාරයෙහි මෛත්රීය ස්ථවීර පාදයන් වහන්සේ විසින් බාදාවක් නොවී නිවන් දැකීම සඳහා ප්රබන්ධ කරන ලද මෙම පද්ය් ග්ර න්ථය නිතර සත්වයන්ගේ සිත් ප්රසන්න කරමින් පවතීවා."